පිහිනුම් තටාකයට වැටුණු බෝලයක් ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17ක් වන පාසල් සිසුවෙක්.
අදාළ සිසුවා තවත් සිසුන් පිරිසක් සමග පාසලේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රිකට් පන්දුව එම විද්‍යාලයේම පිහිනුම් තටාකයට වැටී ඇති අතර ඔහු එය ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට මුහුණ දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.